Spread the love

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ භූ කම්පන සිදු වුවද ප්‍රබල භූ කම්පන හට ගැනීමේ හැකියාවක් නොමැති බව ජේෂ්ඨ භූ විද්‍යඥ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසීය.

සක්‍රීය තල මායිම ශ්‍රී ලංකාවට බොහෝ දුරින් පිහිටීම ඊට හේතුවයි.

ශ්‍රී ලංකාව හරහා ඇති සුළු පැලුම් තල හරහා එලෙස සුළු කම්පන ඇති විය හැකිය.

එවැනි සුළු පැලුම් ලෝකය පුරා පවතින බව වැඩිදුරටත් පැවසීය.