Spread the love


නිමල් රාජපක්ෂ-

ශ්‍රි ලංකාවේ නාවික සහ ගුවන්සේවා කේෂත්‍රයේ පුහුණු වැඩ සටහන් සඳහා ජපානයේ නවීන තාක්ෂණය හදුන්වා දිමට ජපන් ආයෝජකයින් සිය කැමැත්ත පල කල ඇතැයි වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

25 දෙනෙකුගෙන් සමන්විත ජපානයේ ප්‍රමුඛ පෙලේ ආයෝජකයින් කණ්ඩායමක්, අද ) දින පෙරවරුවේ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සමඟ විශේෂ සාකච්චාවක් පැවැති අවස්ථාවේදි මෙම අදහස් පළකලේය.

ශ්‍රි ලංකාවේ නාවික සහ ගුවන්සේවා කේෂත්‍රයේ පුහුණු වැඩ සටහන් සඳහා ජපානයේ නවීන තාක්ෂණය හදුන්වා දිමට ජපන් ආයෝජකයින් සිය කැමැත්ත පල කල අතර , ඒ තුලින් ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ගේ නවීන තාක්ෂණය පිලිබඳ හැකියාවන් වර්ධනය කිරීමට හැකි වන බව පැවසීය.
මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටියේ : කටුනායන ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය සහය ලබා දෙන ලෙසයි. ශ්‍රි ලංකාවේ අභ්‍යන්තර ගුවන් තොටුපල සහ වරායන් ආශ්‍රිතව ගුවන් හා නාවික කේෂත්‍රයට අදාල කර්මාන්ත සහ ව්‍යාපෘති ආරම්භ කිරීමට ස්ථාන ලබා දිය හැකි බවත්, ඒ තුලින් ඇති වන රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් හට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවත්ය.
එමෙන්ම ඉදිරියේදී ඉදිවන උතුරු කොලඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා ජපානයේ ආයෝජිකයින් සම්බන්ධ කර ගැනීමට ශ්‍රි ලංකා රජය අදහස් කරන බවත්, එම කටයුතු සඳහා ජපන් රජයේ පූර්ණ සහයෝගය ලැබෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසීය.
මෙම සාකච්චාවට ශ්‍රි ලංකාවේ ජපාන තනාපති මිෂුකොෂි හිඩෙකි ( Mizukoshi Hideki ), අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී.එස්. රුවන්චන්ද්‍ර, මහතා ඇතුළු වරාය සහ ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ නිලධාරීන් පිරිසක් සහභාගි විය.