Spread the love


නිමල් රාජපක්ෂ-

දිවයින පුරා සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදි නිතිවිරෝධී මත්පැන් ජාවාරම් කරුවන් ගංජා අයිස් හා තීරු බදු නොගෙවු සිගරුට් ජාවාරම් කරුවන් 1674 දෙනෙකු වටලා රුපියල් ලක්ෂ ගණනක් දඩ ආදායමක් රජයට ලබා දීමට කොළඹ සුරාබදු විශේෂමෙහෙයුම් ඒකකය මගින් සමත්වී ඇත.
සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.
මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට ජුනි 30 දක්වා වු ගතවු මාස හයතුළ සිදු කළ වැටලිම් වලදී සිදු කළ වැටලිම් වලදි නීති විරෝධී ස්ප්‍රිතු පෙරිම් 53ක් , .ස්ප්‍රීතු ළග තබා ගැනීමේ ග්‍රහන 1003 ක් ,බලපත්‍ර නොමැතිව විදේශ මත්පැන් විකිණීමේ ග්‍රහන 180 ක් ,ගංජා අලෙවි කළ 71 ක්, අයිස් ළගතබාගෙන සිටි 168 ක් , බදු නොගෙවු සිගරැට් ජාවරම් කරුවන් 68 ක් හා බදු නොගෙවු සිගරැට් විකිණීම් සිදුකළ ස්ථාන 16 ද, රා විකිණීම් සිදුකල ජාවාරම් කරුවන් කොටුකර ගත බව කොළඹ සුරාබදු විශේෂමෙහෙයුම් ඒකකයේ සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.
මීට අමතරව ස්ප්‍රීතු ලීටර් 500 ග්‍රහන 4 ක්, සාදන ලදමත්පැන් ලීටර් 5000 වැඩි ග්‍රහන 6 ක් ,මහාධිකරණයේ නඩු පැවරිම් අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 13 ක්ද ,අක්කර 2 හා අක්කරයක ගංජා හේන් වටලා විනාස කිරීමට සමත්විය.
බලපත්‍ර නොමැතිව තෙන්ඩු කොල ළග තබා ගැනීමේ ග්‍රහන 2 ක් ,කිලෝ 100 අධිකයි බදු නොගෙවු සිගරැට් 5200 ක් අල්ලා විනාස කිරීමටද සමත්වයි. ගත්තා ඒ අයට ලක්ෂ පහ බැගින් සමථ ගාස්තු නියම කලා.
මීට අමතරව දින මැයි 20 සිට විශේෂ ග්‍රහන සිට දින 100 ක කාලයක් ප්‍රකාශ්‍යට පත්කලා . ජුනි 30 දක්වා දින 52 ක්තුළ සියයට එකසිය පනහක ප්‍රගතියක් පේනවා තිබෙනවා . මේ කාලය තුළ ලක්ෂ 50 කට අධිකයි. දැනට ලක්ෂ 42 දඩ නියම කර තිබෙනවා ඉදිරියේද තව නඩු පැවරීමට තිබෙනවා.
මිට අමතරව පොහොය දිනවල මත්පැන් ශාලා විවෘත් කිරීම් 8 කොටු කර තිබෙනවා ඹවුන් සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වෙත ඉදිරිපත්කොට සමථ ගාස්තු නියම කිරීමට නියමිතය. එතනිනුත් මිලියන 4 පමණ ආදායමක් බලාපොරොත්තු වෙනවා.


මෙම වැටලීම් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී පී.ඒ සුනිල් මහතාගේ උප දෙස් මත, කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක නිරෝෂ් ජයකොඩි මහතාගේ මෙහෙයවීම යටතේ පරික්ෂකවරුන් පස් දෙනෙකුගෙන් හා නියාමක වරුන් විසිඑක් දෙනෙකුගේ සහාය ඇතිව මෙම වැටලිම් සිදු කොට ඇතැයිද පැවසුවේය.