Spread the love

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් කිරීමට නියමිත බොරැල්ල ප්‍රදේශයේ මල් ශාලා හිමිකරුට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් යැයි පවසමින් තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලබා දී මත් සම්බන්ධයෙන් අදාල මල් ශාලාව අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි වාර්තාවෙයි.

ඒ සම්බන්ධයෙන් මල් ශාලාවේ පාලනාධිකාරිය විසින් බොරැල්ල පොලීසිය වෙත පැමිණිල්ලක් ද සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ..

ක්ලබ් වසන්තගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා අද (12) උදෑසන අදාළ මල් ශාලාවේ තැන්පත් කිරීමටයි නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.