Spread the love


නිමල් රාජපක්ෂ-

දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක නිරත වීමෙන් කාර්යාල දුම්රියයන් අවලංගු වුවත් මගීන්ට තම වාර ප්‍රවේශපත්‍රයෙන් ලංගම බස්රථවලින් ගමන් කිරීමට හැකියාව පවතින බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස් .ඒ .මුදලිගේ මහතා පවසයි.
අද(09) මධ්‍ය රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපති වරුන් දියත් කළ වර්ජනය හේතුවෙන් රාත්‍රි තැපැල් දුම්රියයන් අවලංගු වුවත් , හෙට දිනයේ කාර්යාල බලා යන මගීන් ගේ ගමන් පහසුව සදහා කාර්යාල දුම්රියයන් කිහිපයක් ධාවනයට යෙදවීමට පියවර ගන්නා බවද එස්.ඒ මුදලිගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.