Spread the love

ඒක්සත් ජාතික පක්ෂයේ දඹුල්ල ආසනයේ මෙහෙයුම් කාර්යාලය ඉදිරිපිට තිබු පුවරු කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇත.

දඹුල්ල මහ නගර සභාවේ හිටපු මංත්‍රිනි මායා පාදෙණිය මහත්මියගේ නිවසේ මෙම කාර්යාලය පවත්වාගෙන යයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා දඹුල්ල ආසන සංවිධායකගේ රුව සහිතව ඉදිකර තිබු පුවරුවලට මෙසේ හානි කර ඇත.

මේ පිළිබදව දඹුල්ල පොලිසියට පැමිණිලි කර ඇති අතර සිද්ධිය පිළිබදව දඹුල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.