Spread the love

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයට ලක් ව් ස්ථානයේ විවෘත කරන ලද ආයතනයේ හිමිකරුවා නව දුලාන් සංජය නැමැත්තා හා සහ වසන්ත පෙරේරා අතර සමීප සබඳතාවක් නොතිබූ බව ඔහුගේ වසන්ත පෙරේරාගේ ඥාතියෙකු සදහන් කලේය.

ඔවුන් දෙදෙනා යම් තරමකින් හඳුනාගෙන ඇත්තේ සමාජ ජාල හරහා බවත් ආයතනය විවෘත කිරීමේ ආරාධනාවද සිදුකර ඇත්තේ සමාජ ජාල හරහා බවත් එම ඥාතියා පැවසීය.

මේ අතර පොලිසිය විසින් අදාළ ආයතන හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර විදේශයක සිටින අපරාධකරුවන් හා එක්ව ඔහු මෙම ඝාතනය සැලසුම් කිරීමට සම්බන්ධ වී ඇති බවට චෝදනා එල්ල වෙයි.