Spread the love

අතුරුගිරිය ප්‍රදේශයේ ආයතනයක් විවෘත කිරීමට ගිය අවස්ථාවක ව්‍යාපාරික සුරේන්ද‍්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නැමැත්තා ඝාතනය කිරීමට ශ්‍රී ලංකාවෙන් පලා ගොස් ප‍්‍රංශයේ සැඟව සිටින කන්ජිපානි ඉම්රාන්ගේ සම්බන්ධයක් ඇති බවට පොලිසිය සැක කරයි.

වෙඩික්කරුවන් විසින් වෙඩි තැබීමට භාවිතා කරන ලද උණ්ඩ කොපුවල KJI මුද්‍රණය කිරීම සම්බන්ධයෙන්ද පොලිසියේ අවධානය යොමුව තිබේ.

මේවන විට ඝාතකයන් පැමිණි මෝටර් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් අනතුරුව ඔවුන් පලායාමට භාවිතා කර වෑන් රථයක් බුලත්සිංහල ප්‍රදේශයේ තිබියදී සොයාගෙන තිබේ.

මෙම ආරවුල දෙපාර්ශවයක් අතර කාලයක් තිස්සේ පැවති එකක් බවටද සැක කරන පොලිසිය විදේශයක සිට සැලසුම් කරන ලද එකක් බවද අනුමාන කරයි.

ඒ ඔස්සේ මෙවන විට මෙම ඝාතනයේ පරීක්ෂණ කටයුතු ඉදිරියට මෙහෙය වෙමින් තිබේ.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ බිරිඳගේ බෑගයේ තිබී ගිනි අවියක් පොලීසියට හමුවී ඇත.

එය මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ සඳහා බලපත්‍රයක් ඇත්ද නැද්ද යන සම්බන්ධයෙන්ද පරීක්ෂණ කරමින් සිටී.