Spread the love

මුල්කිරිගල ගුණරත්න

මැණික් ගගේ කිඹුලන් ගැවසෙන බැවින් දියනෑම සදහා ආරක්ෂිත ස්ථාන භාවිතා කරන ලෙස රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සහභාගි වීමට පැමිණෙන බැතිමතුන් ගෙන් තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකය ඉල්ලා සිටී.
මැණික් ගගේ 02 පාලම ආසන්නයේ නොගැඹුරු ස්ථාන දියනෑම සදහා භාවිතා කරන ලෙසද පොලිස් ජීවිතාරක්ෂක ඒකකය දන්වා සිටි .
එහි දියනාන ජනතාවගේ සහායට පොලිස් ජීවිතාරක්ෂක නිළධාරින් රදවා සිටින බව තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිමල් දිසානායක මහතා පවසයි .