Spread the love

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ජූලි 17 වනදායින් පසු ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

ඒ අනුව ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට ජුලි 17 වනදායින් පසු පසු කොමිෂන් සභාවට බලය හිමිවනු ඇත.

මැතිවරණ කොමිසම රැස්වී ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය ඉදිරියේදී තීරණය කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනය යොදාගැනීමට නියමිත බවත් ඡන්ද හිමි නාමලේඛනයට අත්සන් කිරීමේ කටයුතු ඉදිරි දින කිහිපය තුළ සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසන් සභාවේ ආර්.එම්.ඒ.එල් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.