Spread the love

මුල්කිරිගල ගුණරත්න

රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ වී සුලු මොහොතකට පසු (6) රාත්‍රි 9 ට පමණ පෙරහැරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීම නිසා පෙරහැර නැරඹූ බැතිමතුන් නොසන්සුන් වී ඒ මේ අත දිවයාම හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි කතරගම පොලිසිය පවසයි .

තුවාල කරුවන් කතරගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් අතර අසාධ්‍ය තත්ත්වයේ රෝගින් නොමැති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.