Spread the love

මෙම වර්ෂයේ මැතිවරණ කාලසීමාවක් එළඹෙන බැවින් රාජ්‍ය අංශයේ යළි වැටුප් වැඩි කිරීමක් මේ වසරේ සිදු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බල ගැන්වීමේ උත්සවයට අද (06) වැල්ලවායේදී එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ වැටුප් වැඩි කළ හැක්කේ ලබන වසරේ අයවැය හරහා බවය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාතේ ප්‍රජා පොලිස් කමිටු බලගැන්වීමේ පළමු සැසිය ද ආරම්භ කෙරුණි.

උත්සවය පැවැත්වුණේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී ය.

මෙම ප්‍රජා පොලිස් කමිටු, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් රට පුරා දියත් කර තිබෙන “යුක්තිය” මෙහෙයුම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදෙයි.