Spread the love

මරණ දඬුවම නියමවී සිටින පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්දගේ බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනීමට සූදානම්වීමේදී රටින් පළාගොස් ඇත.

ඇය විසින් උකස් මධ්‍යස්ථානයකට රුපියල් ලක්ෂ 30ක පමණ රන් භාණ්ඩ තොගයක් උකස් කළ බවට තහවුරුවීමත් සමඟ ඇය අත්අඩංගුවට ගැනීමට සූදානම්වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ඇය දිවයිනට පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද ආගමන විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබේ.