Spread the love

ඇල්පිටිය, පතිරාජ මාවතේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ව ඝාතනය කිරීමේ සිදුවීමට අවශ්‍යව සිටි වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයාව ගිනි අවි දෙකක් ද සමග ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඉකුත් පෙබරවාරි 26 වනදා උදෑසන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර යන අය වෙඩි තබා ඝාතනය කර සැකකරුවන් පළාගොස් තිබිණ.