Spread the love

ආදායම් අධිකාරී පනතක් ගෙන ඒමත් රේගු ආඥා පනතේ වගන්ති කිහිපයක් සං‍ශෝධනය කිරීමටත් බලධාරීන් පියවර ගැනීමට විරෝධය පළ කරමින් අද (04) සහ හෙට (05) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව රේගු නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික තාරක කුමාරසිංහ මහතා පවසයි.


රේගු නිලධාරීන්ගේ සංගමය අවස්ථා කිහිපයකදී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කළ ද ඒ සඳහා විසඳුමක් නොලැබීම හේතුවෙන් පසුගිය දින දෙක තුළ රේගු නිලධාරීන් අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටියේය.

සිය ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් අද සහ හෙට යන දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව තාරක කුමාරසිංහ මහතා පැවසුවේය.