Spread the love

මුල්කිරිගල , ගුණරත්න

හම්බන්තොට ගොන්නොරුව කැටැන්වැව ප්‍රදේශයේ කැලෑව තුළ මී වද කැඩිමට ගිය මුස්ලිම් ජාතික පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් සිටියදී (03) පෙරවරුවේ සොයාගත් බව මත්තල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 137/7 ,සේමශක්ති මාවත,සිප්පිකුලම, හම්බන්තොට ලිපිනයේ පදිංචි 38 හැවිරිදි චන්දනම් පිචිච මුත්ති සෙබස්ටිම් නැමති මුස්ලිම් ජාතිකයෙකි.

මියගිය පුද්ගලයා කලක සිට කැලෑ තුළට ගොස් මී වද කඩා පැණි එකතු කර අළෙවි කිරීමේ නිරත අයෙකු වන අතර ඔහු 02 වන දින පෙරවරුවේ මී වද කැඩිම සදහා මත්තල පොලිස් බල ප්‍රදේශයට අයත්,කැටැන්වැව ග්‍රාම නිළධාරී වසමේ කැටැන්වැව ප්‍රදේශයේ සිට ඔහුගේ ස්කූටර් වර්ගයේ යතුරු පැදියෙන් කිලෝ මිටර් 01ක් පමණ කැලෑව ඇතුලට ගොස් තිබේ.

එහිදී මෙම පුද්ගලයා වන අලි ප්‍රහාරයට ලක්ව එම ස්ථානයේදිම මියගොස් තිබේ.

ඔහුගේ ස්කූටර් වර්ගයේ යතුරු පැදියටද වන අලියා දැඩි අලාභ හානි සිදුකර තිබේ.මි කැඩීම සදහා ගිය පුද්ගලයා යළි නිවසට නොපැමිණිම නිසා නිවැසියන් හා මී කැඩිම සදහා යන වෙනත් පුද්ගලයෙකු සමග 03 වන දින පැමිණි සිදුකල සොයා බැලිමකදී මෙම පුද්ගලයා වන අලි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇති බව දැක ඒ බව මත්තල පොලිසියට දැනුම් දි තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මත්තල පොලිසිය වැඩිදුර විමර්ෂණ පවත්වයි.