Spread the love

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ඇති අවසන් දින 14 තුළද ඡන්දය කල් දමා ගැනීම සඳහා ජනාධිපතිවරයා විවිධ උප්පරවැට්ටි යොදමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාව පත් කළේ වසර 5 කට බවත්, ඔහු පැනයාමෙන් හිස් වූ තනතුරෙහි ඉතිරි කාලය සම්පූර්ණ කිරීම සඳහා පමණක් පාර්ලිමේන්තුවේ ඡන්දයකින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වූ බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව අද දිනයේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනාධිපතිවරයාගේම ගෝලයෙක් විසින් ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණය කල් දමා ගැනීමට කුමන උප්පරවැට්ටි යෙදුවද, මැතිවරණ කොමිසම විසින් ඒවා පරාජයට පත් කරනු ඇති බවට විශ්වාස කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි වැඩිදුරටත් සඳහන් කළේ.