Spread the love

සිය පක්ෂය සමඟ වැඩකළ හැකි පුද්ගලයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ වන තෙක් පක්ෂය තීන්දුවක් ගෙන නොමැති බවත් ජනාධිපතිවරණය සඳහා සිය පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ අමනාපයක් නොමැති බවත් එතුමන් සහ තම පක්ෂය මත දෙකක සිටින බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය‍