Spread the love

අන්තර් පාසල් රග්බි තරගාවලිය අතරතුරදි ගැටුමක් සිදුව තිබේ.

ගල්කිස්ස විද්‍යා විද්‍යාල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර තරගයේදී විද්‍යා විද්‍යාල උත්සාහ දිනුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ මතබේදාත්මක තත්ත්වයක් මත මෙම ගැටුම ඇතිව තිබේ.

විනිසුරු තීරණයට විරුද්ධ වූ විද්‍යා විද්‍යාලයේ ක්‍රීඩා ලෝලීන් විසින් විනිසුරුවන් බිම පෙරලාගෙන පහර දී ඇත.

ඒ හේතුවෙන් තුවාල ලැබූ විනිසුරුවන් හතර දෙනකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර සිටී.