Spread the love

නිමල් රාජපක්ෂ

උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉතා අලංකාර අක්කර සියයකින් හෙබි පරිසරයක පිිහිටා ඇත . අංග සම්පුර්ණ බෞද්ධ සිද්ධස්ථාන ,නිර්මාණයක් මෙහි ගිය අපට දැකගත හැකිවිය. සියළුව වගාවන් කොම්පෝට් පොහොර යොදා වගා කර තිබිණි. දේශීය නිෂ්පාදන සියල්ලක්ම මෙහිදි දැක්නට ලැබිණ. ආහාර පාන ,ජෑම් වර්ග , අයිස්ක්‍රීම් වර්ග මේ සියල්ලම මෙහිම ස්වාමින් වහන්සේලා මෙහෙනින් වහන්සේලා හා සේවකයින් එක්ව නිර්මානය කිරීම අගයකල යුත්තක් . මේ සියල්ල නිර්මාණය කර ඇත්තේ සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේගේ සංකල්පයකට අනුවයි. එහිදි අප මැණික් වෙහෙර ට යාමට අමතක නොකලේය.
අප එහි යනවිට සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේ ඉන්දියාවේ හිමාලයට වැඩ සිටින බවද දැනගන්නට ලැබිණ.
උමන්දාව විශ්ව ගම්මානයේ පිහිටි මැණික් වෙහෙර ලෙස හැදින්වෙන චෛත්‍ය ඇතුලේ කෝටි ගණනක් වටිනා මැණික් තැන්පත් කර තිබෙන බව ධම්මිකා මෙහෙණින් වහන්සේ ප්‍රකාශ කළාය.
. හතරැස් කොටුවේත් මැණික් තැන්පත් කර තිබේ. එම නිසා අපි මේකට උමන්දාවේ මැණික් වෙහෙර කියා හදුන්වනවා. ඊට අමතරව කරඩුව ඇතුලේ දඹ රත්තරන් පිළිම , ඒ වාගේම ධර්මය අඩංගුව රන් ඉරුපත් තැප්පත් කර තිබෙනවා. වාලම්පුරියක් තිබෙනවා. හක්ගෙඩිය දකුණට කැරකිලා මෙයද ධර්මය පහළ වනවිට පහළවන වටිනා සම්පත්. මේ වා මහජනතාවට දැකබලා ගැනීම සදහා තැන්පත් කර තිබෙනවා.උපකාර කරන්න කැමති අයට නිධන්වස්තු තිබෙනවා .ඒවා තැන්පත් කර කුසල් අත්පත් කරගන්න පුලුවන් .

උමන්දාව නිර්මානය කර වසර අටක් ගතවන අතර වෛත්‍යය නිර්මාණය කර වසර දෙකක් වෙන වන බවද ධම්මිකා මෙහෙණින් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

තව දුරටත් අදහස් දැක්වු ධම්මිකා මෙහෙණින් වහන්සේ ,

තව කොටසක් ළගදිම බලාපොරොත්තු වන්න