රාජ්‍ය සේවකයන්ගේ එක් එක් ක්ෂේත්රවල මතුව ගැටලු වෙන වෙනම විසඳීම වෙනුවට සමස්තයට විසඳුම් ලබා දීම රජයේ අපේක්ෂාව බවත් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිටින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාරය් රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා පත් කළ කමිටුව මගින් ඊට සාධාරණ පිළිතුරක් ලැබෙනු ඇති බවයි.
වසර හතරක පමණ කාලයක් තිස්සේ රජයට වෘත්තීය ගැටලු විසඳීම වෙනුවට ජනතාව ජීවිත් කරවීමේ අරගලයට මුහුණ දීමට සිදු වී බවත් ඒ හේතුවෙන් රජයේ සේවකයන්ට සිය වෘත්තීය තුළ සාධාරණ ගැටලු ඇති බව රජය පිළිගන්නා බවත් අමාත්‍යවරයා පැවැසීය.
මැතිවරණයක් ආසන්නවත්ම ඉල්ලීම දිනා ගත හැකි වටපිටාවක් නිර්මාණය වන බව වෘත්තීය සමිති ඉතා හොඳින් දන්නා බැවින් මෙය ඒ සඳහා අවස්ථාවක් කර ගැනීමට ද පිරිසක් උත්සහ දරමින් සිටින බවයි සියඹලාපිටිය මහතා කියා සිටියේ. මේ සියල්ල විසඳීම සඳහා පත් කළ ප්‍රභල කමිටුව මගින් ඊට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇති බව හෙතෙම වැඩි දුරටත් පැවැසීය.