Spread the love

මුල්කිරිගල – ගුණරත්න

තංගල්ල මහවෙල පාරේ අතහැර දමා තිබෙන බ්ලොක් ගල් වැඩ පලක තිබී පුලුස්සා දමා තිබූ යතුරු පැදියක් (26) සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

යතුරු පැදිය තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේ කාන්තාවක් නමින් ලියා පදිංචි කර තිබූ බවද විමර්ශන කටයුතු සිදුකිරීමේදී ඇය එම යතුරු පැදිය තංගල්ල නගරයේ යතුරු පැදි අළෙවි සැලකට විකුණා ඇති බවට කරුණු අනාවරණය වූ බවද පොලිසිය කියයි.
යතුරු පැදියක් නැතිවූ බවට මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති අතර ගිණි තැබූ යතුරු පැදිය කිසියම් අපරාධයක් සදහා යොදාගත් එකක් දැයි සොයා ගැනිමට පරීක්ෂණ පවත්වයි.
තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාධිපති මහතාගේ උපදෙස් පරිදි එහි අපරාධ විමර්ශන අංශය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .