යුක්තිය මෙහෙයුම ලබන පළමු වැනිදා සිට නව ක්‍රමවේදයකට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
ඒ එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුවයි.
ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සියලු නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී තිබේ.
මේ අතර පළාත් 07ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය භාවිතය සුවිශේෂී ලෙස අඩුවී තිබේ.
මත්ද්‍රව්‍ය භාවිතය ,ජාවාරම් කිරීම සහ බෙදා හැරීමේ කැපීපෙනෙන අඩුවක් එහිදී නිරීක්ෂණය වී ඇතිබව පැවසීය.
කෙසේ වෙතත් බස්නාහිර සහ දකුණු පළාත් වල තවදුරටත් මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධීන් වාර්තා වන බව වැඩිදුරටත් පැවසීය.