Spread the love

එල්ටීටීඊ තහනම තවදුරටත් පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා x පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේය..

එක්සත් රාජධානියේ “තහනම් සංවිධාන ආභියාචන කොමිසම” එල්ටීටීඊ තහනම ඉවත් නොකළ යුතු බවට නියෝග කර තිබේ.

එරට මහාධිකරණ විනිසුරුවෙක් ප්‍රධානත්වය දරන එම කොමිසම එරට පාර්ලිමේන්තුව මගින් ස්ථාපනය කළ ස්වාධීන අධිකරණයකි.

එම අභියාචනය ඉදිරිපත් කර තිබුණේ දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය හෙවත් TGTE ය විසිනි.

2001 වසරේ මාර්තු 29 වනදා එක්සත් රාජධානිය තුළ තහනම් සංවිධාන ලැයිස්තුවට LTTE සංවිධානය ඇතුළත් කර තිබුණි.