Spread the love


‍පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දක්වාත් අවසන් නොවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වාර්තාවක් කැඳවා තිබේ.

සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ දේවස්ථානය වෙත ගොස් තිබේ.

එහිදී ජනාධිපතිවරයා දේවස්ථානයේ ප්‍රධාන පූජකවරයා වන රොෂාන් මහේෂන් සමඟ සාකච්ඡාවක නිරත වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් අවසන් නොවීම පිළිබඳ එහිදී කරුණු විමසා සිටි ජනාධිපතිවරයා ඒ පිළිබඳ වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ද නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදන මත දේවස්ථානයේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් නිම කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා විසින් ජාතික ආරක්ෂාව පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා වෙත උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යුද හමුදාවේ සහාය ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී යුද හමුදාපතිවරයා වෙත දැනුම් දී තිබේ.