Spread the love

2050 වනවිට අපේ රටේ ජනගහනයෙන් හතරෙන් එකක් වැඩිහිටියන් වනු ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

නවතම දත්ත වාර්තා වලින් ඒ බව අනාවරණය වී තිබේ.

මේ වනවිට වයස අවුරුදු 65 වැඩි ජනගහනය සමස්ත ජනගහනයෙන් 18% දක්වා ඉහළගොස් තිබේ.

1971 වසරේ එම තත්වය පැවතුණේ 06.3% බව සංඛ්‍යා ලේඛනවල දැක්වෙයි.

2050 වනවිට මෙරට වැඩිහිටි ජන ගහනය සමස්ත ජනගහනයෙන් 27.6% වනු ඇතිබව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ දත්ත වාර්තා වල දැක්වෙයි.

ඒ අනුව ඊට පුහුණ දීම සදහා විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය බව මහාචාර්යවරයා පැවසීය.