Spread the love

කුඩා ළමුන් අතර විවිධ ලෙඩ රෝග පැතිරීම ඉහළගොස් ඇතිබව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පැවසීය.

විවිධ වෛරස ප්‍රබේද හේතුවෙන් ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග වැඩි වශයෙන් දක්නට ලැබෙන බව පැවසීය.

ඒ අනුව ඉන්ෆුඑන්සා සහ සෙම්ප්‍රතිශ්‍යාව වැඩි වශයෙන් ළමුන් අතර පැතිර යමින් තිබේ.

මෙම රෝග ඉතා පහසුවෙන් පැතිර යයි.

පැවති කාලගුණ තත්වයේ වෙනස් වීම් සහ විවිධ හේතු නිසා මෙම තත්වය දක්නට ඇතිබව පැවසීය.
පාද සහ අත් ආශ්‍රිතව විවිධ රෝග තත්වයන් වාර්තා වෙයි.

දරුවන් හැකිතාක් ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් බව වැඩිදුරටත් පැවසීය.