Spread the love

අනුබුදු මිහිඳු හිමිගේ ලංකා ගමනය සිදුවූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්ථිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක උපාසකක් බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහම රැගෙන මිහින්තලා පව්වට වැඩම කරවීම අද වැනි පොසොන් පුර පසළොස්වක පෙහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්

දේවානම් පියතිස්ස රජු ඇතුළු පිරිස චුල්ලහත්ථි පදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම සිදු වූයේද අද වැනි පොසොන් පොහොය දිනකය.