Spread the love

කෘතිම බුද්ධි තාක්ෂණය (AI) යොදා ගනිමින් සකස් කර ඇති බවට පෙනී යන වීඩියෝවක් මඟින් කරණිය මෙත්ත සූත්‍රය විකෘති කර facebook හා Tik Tok සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවට විවිධ පාර්ශ වලින් පැමිණිලි බුද්ධගාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.

අදාල වීඩියෝව පිළිබඳ සොයා බලා එම විඩියෝව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්නට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම ප්‍රචාරණයන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් දින පැමිණිල්ලි ඉදිරිපත් කර ඇත.