Spread the love

බෙදීමේ දේශපාලනය වෙනස් කර, ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ කොඩිය ගෙනෙනා නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බව, පසුගියදා ලන්ඩනයේ පැවති ශ්‍රී ලංකීය ජන හමුවක් අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බව වැඩි දුරටත් පැවසුවේය.

1948 වර්ශයේ නිදහස ලබාගත් ශ්‍රී ලංකාව තුළ 1948න් පසුවත් තිබුණේ බෙදීමේ දේශපාලනයක් බවද, එහි ප්‍රතිඵලයක් ලෙස අවුරුදු 30 ක යුද්ධයක් පැවති අතර ඉන් දස දහස් ගණන් මිනිසුන් මිය ගිය බවද, ඉන් අනතුරුව සිදු වූ පාස්කු ප්‍රහාරයද බෙදීමේ දේශපාලනයේ ප්‍රතිඵලයක් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.