Spread the love

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්වයේ වර්ධනයක් අද (20) සිට අපේක්ෂා කර හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.

ඒ හේතුවෙන් බස්නාහිර ,සබරගමු ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට 100mm පමණ තද වැසි ඇතිවිය හැකිය.

මෙම වැසි සහිත කාලගුණ තත්වය ලබන සෙනසුරාදා (22) දක්වා පැවතිය හැකි බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.