Spread the love

තැපැල් දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් තැපැල් මුද්දරයක් මිල රුපියල් 100 ක් දක්වා වැඩි කිරිමට තීරණය කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා පවසයි.
දැනටමත් ඒ සදහා භාණ්ඩාගාරයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවත්, 2022 වන තෙක් රුපියල් 15ක්ව පැවති මුද්දරයක අවම මිල මේ වනවිට රුපියල් 50කි බවද වැඩි දුරටත් පැවසුවේය.