Spread the love

දුම්රිය මාර්ගයේ ගමන් කල පුද්ගලයෙකු දුම්රිය මාර්ගය අසලම ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.

මෙසේ මියගොස් ඇත්තේ කොටගල දිඹුල පතන පොලිස් වසමට අයත් ජයසිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්වම් ලෝගේෂ් (60) නැමති අයෙකු බවට තහවුරු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

දුම්රිය මාර්ගයේ ගමන් කර ඇති මරණකරු කොටගල දුම්රිය ස්ථානය අසලදි හදිසියේම මියගොස් ඇති බවත්, ඒ පිලිබදව ඥාතින්ට දැනුම් දිමෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂනය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව දිඹුල පතන පොලිසිය පැවසිය.