Spread the love

ගමගොඩ ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයකදි දෙපිරිසක් අතර ඇතිවු කථා බහක් දුරදිග යාමෙන් එක් තරුණයකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියක් කළුතර පොලිස් වසමෙන් වාර්තාවෙයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ දොඩංගොඩ ප්‍රදේශයේ ජනඋදාන ගම්මානයේ විසු මෙනුර නිම්තර වනිගසේකර නැමති 20 හැරවිරිදි තරුණයෙකි.

සැකකරු ප්‍රදේශයේ තරුණියක සමග විවාහ වී සිට ඇති අතර, ඇය ඔහුව අත්හැර ගොස් වෙනම ජීවත්ව සිට ඇති බව වාර්තා වෙයි
එහිදී ඇය සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවේ තරුණයෙකු සමග නර්තනයේ යෙදී සිට ඇති බවද පොලීසිය සඳහන් කරයි.
එම අවස්ථාවේදී උරන වූ සැකකරු නර්තනයේදී යෙදී සිට ඇති තරුණයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇති බව සඳහන් ය.