Spread the love


නිමල් රාජපක්ෂ-

.කොලඹ කොටුව සිට මහනුවර හරහා නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතරදී ඊයේ රාත්‍රී 9.30 ට පමණ පීලි පැනීමකට ලක්වී ඇත.

මේ හේතුව නිසා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.30 මහනුවර හා බදුල්ල බලා ධාවනය වන දුම්රියත් , පෙරවරු 9.45ට බදුල්ල බලා ධාවනය වන උඩරට මැණිකේ සීඝ්‍රගාමි දුම්රියයත් හැටන් දුම්රිය ස්ථානය බලා ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනා ගමන එන්.ජේ. ඉදිපොලගේ මහතා පවසයි.

බදුල්ල සිට කොලඹ කොටුව බලා ධාවනය වන දුම්රියයන් නානුඹය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරේ. නමුත් මගින්ගේ ගමන් පහසුව සදහා හැටන් සිට නානුඹය දක්වා බස්සේවාවක් ආරම්භ කර ඇති බැවින් කොළඹ කොටුවේ සිට ගමන් ගන්නා මගීන්ගේ ගමන් පහසුව සදහා හැටන් සිට නානුඹය දක්වාත් , බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා මගීන් ගේ ගමන් පහසුව සදහා නානුඹය සිට හැටන් දක්වා බස් සේවාව ක්‍රියත්මක කෙරේ.

පීලිපැන්න දුම්රිය මේ වනවිට පිලි ගත කිරිම සදහා මාර්ග කර්මාන්ත අංශයේ නිලධාරීන් යොදවා ඇතැයිද ඉදිපොලගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.