Spread the love

දේශපාලඥයින්ගේ අතකොලුවක් නොවී, අවංකව, විනිවිද භාවයෙන් යුතුව මධ්‍යස්ථව,, නොබියව කටයුතු කරන බෞද්ධ නායකයෙක් රටට අවශ්‍ය වී ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුහ.

ඒ අනුව බෞද්ධ නායකයෙක් ගොඩනැගීම සඳහා ආරම්භ කරන වැඩ කටයුත්ත කුමන බාධක පැමිණියද ඉදිරියට ගමන් කරන බවයි උන් වහන්සේ පැවසුවේ.

ඔබ වහන්සේලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සිටින්නේ දැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර, එයට පිළිතුරු දුන් උන්වහන්සේ තමන් රනිල් සමඟ කටයුතු කරන්නේ 80 ගණන්වල සිට බවත්, ඔහුගේ සැලකිල්ල අදටත් තමන්ට ඇති බව පැවසුහ.