Spread the love

මුහුදුබඩ මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ ද්විත්ව මාර්ගයෙන් එක් මාර්ගයක් දුම්රිය ධාවනයට විවෘත කර තිබ

ඒ අනුව මාර්ගයන් දෙකම ධාවනයට එක් නොකිරිම හේතුවෙන් අද දින සවස ධාවනය වන දුම්රියයන්  මොරටුව හා පානදුර දුම්රිය ස්ථාන අතර ප්‍රමාද විය හැකි බවයි වාර්තා වෙන්නේ.

පානදුර සිට මරදාන බලා ධාවනය වන දුම්රියක් පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ පිලී පැනීමකට ලක්වීම හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ මාර්ග දෙකම අවහිරවී තිබිණ.

මුහුදුබඩ මාර්ගයේ අද දින දහවල් ධාවනය වන දුම්රියන් මොරටුව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වන අතර දුම්රිය පිලී ගත කොට දුම්රිය ගමනාගමන කටයුතු සිදු කිරීමට යම් කාලයක් ගත වනු ඇත