Spread the love

බුත්තල කටුගහගල්ගේ ප්‍රදේශයේ නිවසකට පැමිණි තරුණයන් තිදෙනෙකු එහි නිදා සිටි 14 හැවිරිදි දැරිය පැහැරගෙන ගොස් තිබු දැරියක් භූගත කුටියක සිරකර සගවා සිටියදි මුදා ගැනීමට ඊයේ පොලීසිය සමත්විය.

පසුගිය 9 වනදා රාත්‍රියේදී ඇගේ පෙම්වතා බව පැවසෙන 20 හැවිරිදි තරුණයෙක් පැහැරගෙන ගොස් සිටි 14 හැවිරිදි දැරිය කි.

එහිදී පැහැරගැනීම වැළැක්වීමට උත්සාහ කළ දැරියගේ පියාගේ අතකට එක් තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මෙම මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එහෙත් පැහැරගැනීමට ලක්වූ දැරිය සොයාගැනීමට පොලීසියට හැකි නොවීය.

කෙසේවෙතත් සිදුකළ දීර්ඝ විමර්ශනයේදී ප්‍රධාන සැකකරු සමග දැරිය පැහැරගැනීමට පැමිණි අනෙක් තරුණයන් දෙදෙනා අනාවරණ කරගැනීමට පොලීසියට හැකිවුණි.

ඒ අනුව පොලීසිය අදාළ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් දෙදෙනා පාපෝච්චාරණය කර තිබුණේ පැහැරගත් දැරිය බුත්තල නගරාසන්නයේ පිහිටි ප්‍රධාන සැකකරුගේ මාමාට අයත් නිවසක භූගත කුටියක සිරකර සිටින බවය.

බුත්තල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයතිලක බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කඩිනමින් අදාළ නිවස වෙත පිටව ගොස් තිබුණි.

අදාළ දැරියව ගෙන ඇත.
දැරිය සඟවා තැබීම සඳහාම මෙම භූගත කුටිය මීට මාස එකහමාරකට පමණ ඉහතදී සකස්කර ඇති බවත් ,අඩි පහක උසකින් සහ අඩි 6ක පළලකින් යුක්ත වූ මෙම කුටියෙහි වාතාශ්‍රය ලැබීම සඳහා ඉතා කුඩා සිදුරු දෙකක් පමණක් තිබුණි.

කුටියෙන් මුදාගත් දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණි.

සැකකරුවන් ඊයේ දිනයේදී වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී නියෝග කෙරුණේ ඔවුන් දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.

පොලීසිය අනාවරණ කරගෙන ඇත්තේ, මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිද්ධියේ ප්‍රධාන සැකකරු, පැහැරගැනීමට ලක් වූ 14 හැවිරිදි දැරියගේ වැඩිමහල් සොයුරිය සමග මින් පෙර ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවය.