Spread the love

හලාවත ජේමිස් වීදියේ සිදු කරන ලද හදිසි කැණීමකදී පැරණි උමඟක නටඹුන් හමුව ඇතිබව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයන් පිරිසක් විසින් නඩත්තු කටයුත්තක් සදහා එලෙස හදිසි කැනීමක් සිදුකර තිබේ.

එහිදී උමග සදහා යොදා ගත් බව කියන ගඩොල් බිත්තියක කොටසක්ද කැණීම් කරන ලද ස්ථානයේ ඉතාමත්ම පැහැදිලිව නිරීක්ෂණය වී තිබේ.

වත්මන් හලාවත දිසා අධිකරණය පවත්වා ගෙන යන ගොඩනැගිල්ල ලන්දේසි යුගයේදී සිර මැදිරියක් ලෙස භාවිතා කර ඇති බවට අනාවරණය වී තිබේ.

එම සිර මැදිරියේ සිට හලාවත වරාය දක්වා රහස් උමගක් තිබූ බවට පුරා විද්‍යාත්මක සටහන් ඇතැයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මීට පෙර ස්ථාන කීපයකදීම මෙම උමගේ කොටස් හමුවී තිබේ.

නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් කැණීමක් සිදු කර නොමැති බව වාර්තා වේ.