Spread the love


නිමල් රාජපක්ෂ

රියදුරන් පිරිසක් දුම්රිය වර්ජනය දියත් කලද සවසට මගිීන්ගේ ගමන් පහසුව සදහා දුම්රිය ගමන් වාර 80 ක් ධාවනයට එක්කරන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනා ගමන එම් .ජේ ඉදිපොලගේ මහතා පවසයි.
මේ වනවිට විශ්‍රාමික රියදුරන් 9 දෙනෙකු සේවයට පැමිණ තිබෙන අතර බලවේග ධාවනාගාරයේ සහ විදුලි බලවේග ධාවනාගාරයෙන් ද දුම්රිය කිහිපයක් අද සවසට ධාවනයට එක් කරන බවද ඉදිපොලගේ මහතා පැවසුවේය.
එම නිසා කාර්යාල බලා පැමිණි මගීන්හට සිය නිවෙස්බලා ගමන් කිරීම සදහා අවශ්‍යපරිදි දුම්රිය යෙදවීමට පියවර ගන්නා බවද පැවසුවේය.

ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර ඇතැයිද වාර්තාවෙයි.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ දුම්රිය රියදුරු වෘත්තිය සමිති අතර මෙම සාකච්ඡාව ප්‍රවාහන අමාත්‍යාංශයේදී සිදුවිය..මේ වනවිටත් උසස්වීම් 70 ක්පමණ ලබා දී ඇති බැවින් එකවර මෙවැනි ආකාරයෙන් උසස්වීම් ලබා දීම අසුරු බැවින් මගීන් ගැන සිතා වර්ජනය අතහරින්නැයිද පවසා තිබේ.

ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් විසින් මෙම වර්ජනය ආරම්භ කළේ දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමිනි.