Spread the love

මැතිවරණ වලින් හැමදාම වුනේ රටේ දියුණුවට බාධාවන් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

සති අන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පවසා ඇත.

මේ රටේ හැමදාමත් ඡන්ද වලින් වුණේ රට දියුණු වෙන එක නොවෙයි. රටේ දියුණුවට බාධා වෙන එකයි. ඒකට හේතු ගණනාවක් තියෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27, 28, 29 යන වගන්ති යටතේ ජනාධිපතිවරයා ශක්තිමත් නොවීම. ඒ නිසා කියන අදහසක් මිසක්. ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා ඉවරයි ඔක්තෝබර් 17 වැනිදාට ප්‍රථම ජනාධිපතිවරණය පවත්වන්න කටයුතු කරනවා කියලා.