Spread the love

ඓතිහාසික පිළිකුත්තුව රාජමහා විහාරය,පහළ යාගොඩ සුගත නන්දනාරාමය උභය විහාරාධිපති ,සමායෝජක,සියනෑ කෝරළේ උපප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය යක්කඩුවේ රාහුල නාහිමියෝ පසුගියදා(06) අපවත් වූහ.

අපවත්වනවිට උන්වහන්සේ 58 වියේ පසුවුහ. උන්වහන්සේගේ දේහය පහළ යාගොඩ සුගත නන්දනාරාමය විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර අදාහන පුජෝත්සවය හෙට (09)ඉරිදා පස්වරු 3 ට ගණේමුල්ල පහළ යාගොඩ ස්වර්ණපාලි ක්‍රීඩාංගනයේදි සිදු කෙරේ.