Spread the love

වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවය කරන ජේලර්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අද (08) දහවල් නිවිතිගල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ජේලර්වරයා ළග තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සොයා ගත් බව නිවිතිගල පොලීසිය පවසයි.

රත්නපුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතාට ලද තොරතුරක් අනුව අයිස් මත්ද්‍රව්‍ය සමග යතුරුපැදියකින් යමින් සිටි සැකකරුව රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගයේ ගැටනිවත්ත දී පොලිස් මාර්ග බාධකයක් යොදා අත්අඩංගුවට ගෙන තිබුණි.

බන්ධනාගාර නිලධාරියෙකු ලෙස රැකියාව කරමින් සැකකරු කලෙක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇතැයි ද පොලීසිය පවසයි.