Spread the love


නිමල් රාජපක්ෂ-

දුම්රිය රියදුරන් වර්ජනයක නිරත වුවත් කාර්යාල බලා පැමිණි මගීන්ගේ ගමන් පහසුව සදහා සවසට දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බව නියෝජ්‍ය දුම්රිය සමාන්‍යාධිකාරී ගමනා ගමන එම් ජේ .ඉදිපොල ගේ මහතා පවසයි.
දුරගමන් සේවා සියළුම දුම්රියයන් වෙනදා මෙන් සාගරිකා ,සමුද්‍රදේවී ,නුවර යන දුම්රියයන් ධාවනය කරන බවද ඉදිපොලගේ මහතා පැවසුවේය.
ලොකොමොටෙව් ඹපරේටින් ඉංජිනියරින් රියදුරන් වර්ජනයක නිරත වුවත් අනික් ධාවනාගාර වල රියදුරන් සේවය කරන බැවින් මගී ජනතාව අතරමං නොකොට සිය නිවෙස් බලා ගමන් කිීරීමට හැකි අයුරින් දුම්රිය ධාවනය කරන බවද ඉදිපොලගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.