Spread the love

ජූලි මාසයේ 01 වනදා සිට විදුලි ගාස්තු අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඒ අනුව ඒකක 0-30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩු කිරීමට ද, ඒකක 30-60 අතර රුපියල් 20 සිට  9 දක්වා අඩු කිරීමටත්, ඒකක 60-90 රුපියල් 30 සිට 18 දක්වා අඩු කිරීමට ද, ඒකක 90-180 රුපියල් 50 සිට 30 දක්වා අඩුකිරීමටත් යෝජනා කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

එම යෝජනාව හෙට (07) හෝ සඳුදා දිනයේ දී මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය