Spread the love

පොසොන් සතිය වෙනුවෙන් මේ මස 18 වනදා සිට 24 වනදා දක්වා කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක සුරාසැල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම් .ජේ .ගුණසිරි මහතා පවසයි.

ඒ අනුව මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මිහින්තලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03හි මෙලෙස අදාළ කාලසීමාව තුළ සියලුම බලපත්‍ර ලත් සුරාසැල් වසා තැබෙන බවයි සඳහන් වෙන්නේ.