Spread the love

විගණන වාර්තාවලින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ජාතික විගණන කාර්යාලය තීරණය කර තිබෙනවා.

එම කාර්යාලය සඳහන් කරන්නේ පසුගිය වසර කිහිපයේදී අක්‍රමිකතා හා දූෂණ සිදු කළ නිලධාරීන්ට එරෙහිව ගත යුතු පියවර පිළිබඳව විවිධ විගණන වාර්තා ඉදිරිපත් කරමින් විගණාකධිපතිවරයා නිර්දේශ කළ බවයි එම කාර්යාලය සඳහන් කරන්නේ.

එම වාර්තා කෝප් හා කෝපා යන කමිටුවලදී නැවත විමර්ශනයට ලක් කල බවත්, පසුව ඒ සම්බන්ධ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත්, නමුත් එම නිර්දේශවලින් ඇතැම් නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවයි සඳහන් වන්නේ.

දූෂණ හා අක්‍රමිකතාවලට සම්බන්ධ ඇතැම් නිලධාරින් තවදුරටත් රජයේ තනතුරු දැරීම ගැටලු සහගත තත්ත්වයක් බව ද විගණන කාර්යාලය වැඩිදුරටත් පවසා සිටිනවා.