Spread the love


නිමල් රාජපක්ෂ-

ව්‍යාජ ස්ටිකර් වෙළද පොලට පැමිණීම වැලැක්වීමේ අරමුණින් ඉතා ඉක්මනින් අධි ආරක්ෂිත ඩිජිටල් ස්ටිකරයක් මත්පැන් බෝතල් සදහා හදුන්වා දෙන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම් .ජේ .ගුණසිරි මහතා පවසයි.
මෙම තීරණය ගෙන ඇත්තේ විටින්විට මැත්පැන් බෝතල් සදහා ව්‍යාජ ස්ටිකර් වෙළද පොලට පැමිණීමත් සමගින් ඒ සියල්ල සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගත් නිසායි. බොහෝ බාහිර පාර්ෂවයන් ව්‍යාජ ස්ටිකර් මුද්‍රණය කරන බැවින් අධි ආරක්ෂිත සලකුණු සහිතව ඩිජිටල් ස්ථිකරයක් හදුන්වාදෙන්න තීරණය කර තිබේ

දැනට ක්‍රියාත්මක වෙනවා ආරක්ෂිත සලකුණු වර්ග දෙකක් . එකක් දත්තමය ඩිජිටල් ආරක්ෂිත ස්ටිකරය, අනික් එක කඩදාසිමත මුද්‍රණය වන ස්ටිකරය. කඩදාසි මත මුද්‍රණය වන ස්ටිකරයක්ද අගෝස්තු මාසයේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. නමුත් ඉතාමත් ඉක්මනින් පාරිභෝගිකයට බලාගත හැකි අයුරින් අධි ආරක්ෂිත ඩිජිටල් ස්ටිකරය ඉක්මනින් හදුන්වා දෙන්න දෙන බව ද එම්.ජේ ගුනසිරි මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ,