Spread the love

අද (30) දිනයේ ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති කීපයක් රට පුරා පාසල්වල ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ගුරු විදුහල්පති වැටුල් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු වන පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ වැටුප් විෂමතා ගැටලුව මුල් කර ගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි .

කෙසේ නමුත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, අද සහ හෙට සියලු‍ම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.