Spread the love

ඩෙංගු අධි අවදානම් කලාප 71 ක් වාර්තාවී ඇතිබව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යා හැකිය.

ඒ හේතුවෙන් ලබන ජූනි පළමු වැනිදා දක්වා දිස්ත්‍රික්ක 15ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් මේවන විට ක්‍රියාත්මක වෙයි.

මෙම සතිය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසල් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පසුගියදා උපදෙස් ලබාදි තිබේ.

මීට අමතරව රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ නව ගොඩනැගිලි ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානම අඩු කිරීම සඳහා කටයුතු කරන ලෙස ද බලධාරීන්ට සාගල රත්නායක මහතා විසින උපදෙස් දී තිබේ.

මෙම වැඩපිළිවෙළට අනුගත නොවන පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.